+94 472235122
info@rmkd.lk
Ruhunu Maha Kataragama Dewalaya, Kataragama, Sri Lanka
Sep 10 2026
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් ‘වාසනා’ හස්තිරාජයාගේ සෞඛ්‍යාරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන පෙරහර මංගල්‍යයන් සඳහා පමණක් එම හස්තියා සහභාගි කරවීමට පියවර ගෙන තිබේ.වත්මන් බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංක මැතුමාගේ උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක කෙරේ.
මීට පෙර හිටපු බස්නායක නිලමේතුමන්ගේ පාලන සමයන්හිදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවති කඨින පිංකම් ඇතුළු කුඩා පරිමාණ පෙරහර රැසක් සඳහා වාසනා හස්තියාගේ සෞඛ්‍ය පිලිබද නිසි අවදානයක් යොමු නොකර සහභාගි කරවා තිබූ අතර, ඒ හේතුවෙන් මේ වන විටත් විවිධ පාර්ශ්වයන්ගෙන් පෙරහර සඳහා වාසනා හස්තියා ලබාදෙන ලෙස ඉල්ලීම් රැසක් දේවාල පරිපාලනය වෙත ලැබෙමින් ඇත.
කෙසේ වෙතත්, දිගින් දිගටම දුර බැහැර ප්‍රදේශවල පෙරහර මංගල්‍යයන් වෙනුවෙන් හස්තියා ප්‍රවාහනය කිරීම සහ යෙදවීම හස්තියාගේ ජීවිතයට මෙන්ම සෞඛ්‍යයට ද දැඩි තර්ජනයක් විය හැකි බැවින්, හස්තියාගේ නිදහස තහවුරු කිරීමේ අරමුණින් මෙම සීමා කිරීම සිදු කර ඇත.
වාසනා හස්තියාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් මෙම තීරණය පිළිබඳව වාසනා හස්තිරාජයාට ආදරය කරන සියලු පාර්ශ්වයන්ගේ අවධානය සහ සහයෝගය අපේක්ෂා කරන්නෙමු.
මාධ්‍ය අංශය
රුහුණු මහා කතරගම දේවාලය
Monday – Friday 04.30am | 10.30am | 06.30pm
Saturday 09.00am | 06.30pm
Copyright © 2026 Ruhunu Maha Kataragama Dewalaya Official Media Division . All Rights Reserved
Chat with us